මාර්ග සංවර්ධනය කරන්නන් 1000 කට ස්ථාන මාරු.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්.වීරකෝන් සඳහන් කළේ එම අධිකාරියේ සේවයේ නියුතු දහසකට ආසන්න බබසේවක පිරිසකට ස්ථාන මාරු ලබා දී ඇති බවයි.

එම ස්ථාන මාරුවීම් එළඹෙන ජනවාරි මස ආරම්භයේ සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.

ශ්‍රී ලංකාව තුළ පසුගිය වසරේදී උද්ගතව තිබූ තත්ත්වය හමුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් සිදුකර නොමැති බව ඔහු මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම මීට පෙරදී අවසන් වරට ස්ථාන මාරුවීම් සිදුකර ඇත්තේ 2019 වර්ෂයේ දී බව ද එහි දී අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 එමෙන්ම මෙම ස්ථාන මාරුවීම් පිළිබඳ යම් ගැටලුවක් ඇතොත් ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ය.

Exit mobile version