මාරාන්තික ශ්වසන රෝගයක්.

හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බවට පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් නොමැති බව පවසන සාගරතිලක මහතා මාස 8ට අඩු සුරතල් සතුන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැක බලා ගන්නා ලෙස ප්‍රකාශ කර තිබේ.

හුස්ම ගැනීමේ අපහසුතාව හා වේගයෙන් හුස්ම ගැනීම ,වමනය හා පාචනය ,විදුරු මස අවපැහැ ගැනීම,කෑම අරුචිය, කම්මැලි බව මෙහි රෝග ලක්ෂණ වන අතර දෙමුහුන් පැටවුන් අතර මෙය ශීඝ්‍ර ලෙස පැතිර යන බවද සොයා ගෙන ඇති බව සදහන්.

මේ වන විට මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ ප්‍රදේශ තුළ මෙය බහුල ලෙස පැතිර ගොස් ඇති අතර ගම්පොල, නාවලපිටිය, ගිනිගත්හේන හා හැටන් ප්‍රදේශවල සිටින බලු පැටව් අතරින් සියයට 80ක ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරුව ඇති බව දක්නට ලැබෙන බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

මෙය වළක්වා ගැනීම සඳහා කුඩා පැටවුන් හට යෝගට් ඇතුළු ශීත ආහාර මෙන්ම එළකිරි දීමෙන් වළකින ලෙසත් පැටවා මාස හතර පහක් යනතුරු නෑවීමෙන් වළකින ලෙසත් සාගරතිලක මහතා දැනුම්දී තිබේ.

Exit mobile version