මාලදිවයිනට යැවූ වැලි රුපියල් 180,000ක්

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මාලදිවයිනට ශ්‍රී ලංකාවෙන් පිරිපහදු වැලි ඉතා සුළු ප්‍රමාණයක් වරින්වර අපනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇති බවයි.

එම  කාර්යංශය සඳහන් කළේ ආසන්න වශයෙන් කියුබ් 08ක් පමණ එලෙස අපනයනය කර ඇති බවත් එහිදී පිරිපහදු වැලි කියුබ් 01ක් රුපියල් 180,000 ක පමණ මුදලකට අපනයනය කරන බව තහවුරු වී ඇති බවය.

මේ අනුව මාධ්‍යවල පල වූ ආකාරයට මාලදිවයිනේ දූපත් පිරවීම සඳහා හෝ වෙනත් කරුණක් සඳහා හෝ එම වැලි අපනයනය කිරීමට සිය කාර්යංශයට ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවත් එවැනි ආකාරයේ වැලි අපනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදු වී නොමැති බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිවේදනයේ දක්වා ඇත.

මාලදිවයින තුළ ඉදිකිරීම් කටයුතුවල නිරත ශ්‍රී ලාංකීය සමාගම්වලට එම ඉදිකිරීම්වලදී ජල කටාක සහ නළ ළිං සඳහා ජල පිරිපහදු කිරීමේ කටයුතු වෙනුවෙන් යොදැගැනීමට මෙම පිරිපහදු කළ වැලි එලෙස ආනයනය කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Exit mobile version