මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සොලී එරට පැවැත්වීමට නියමිත මැතිවරණයේ ප්රජාතාන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂකයා ලෙස පත් වී තිබේ . එහි පැවති ප්‍රාථමික ඡන්ද විමසීමකින් පක්ෂයේ සභාපති සහ කථානායක වන මොහොමඩ් නෂීඩ් පරාජය කොට වැඩි ඡන්ද ගණනකින් මාලදිවයින් ජනපතිට ජයග්‍රහණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම මාලදිවයින් තුළ ධුරයේ සිටින ජනාධිපතිවරයෙකු නැවත මැතිවරණයකට ඉදිරිපත් වීම සදහා පැවති ප්‍රාථමික ඡන්ද විමසීමකින් ජයග්‍රහණය ලැබූ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.