මාසයක් පුරා දරුවාට තේ කහට පොවන දෙමාපියන් . ( වීඩියෝ සහිතයි. ෂෙයාර් කරලා පිහිටක්  වෙන්න )

මාසයක් පුරා දරුවාට තේ කහට පොවන දෙමාපියන් . ( වීඩියෝ සහිතයි. ෂෙයාර් කරලා පිහිටක්  වෙන්න )

මුදල් නොමැති  නිසා මාසයක් පුරා අබාධිත දරුවාට තේ කහට පොවන අම්මෙක් සහ තාත්තෙක් හොයාගෙන අපේ කණ්ඩායමක් පසු ගියදා ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රදේශයට ගියා.

  ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොඨිඨාෂයේ පනාමුර, මුල් ඇඩියාවල ග්‍රාමසේවක කොඨිඨාෂයේ මුල්  ඇඩියාවල ගමේ තමයි මේ පවුල ජීවත් වෙන්නෙ. පුරා අවුරුදු 16 ක් සහ තවත් අවුරුදු 13 ක් අබාධිත දරුවන් දෙදෙනෙකු ජීවත් කරවීම සදහා මේ අම්මා සහ තාත්තා අනන්ත අප්‍රමාන දුක් වේදනා විදින බවයි ගම්වාසීන් පවසන්නෙ. මේ වන විට එක දරුවෙකු මිය ගිහින්. උපතින්ම අබාධිතයන් ලෙස නූපන් මේ දරුවන් මෙසේ අබාධිතයන් බවට පත් වෙන්නේ අවුරුදු දෙකක් පමණ ගියාට පසුවයි.

මේ පියා විශ්‍රාමික හමුදා භටයෙක්. පස්වැනි ගජබා රේජිමේන්තුවේ අංක 1466 යටතේ සේවය කරලා තියෙනව. (අංකය සමහර විට වෙනස් ඇති. පියා නිවසේ සිට නැත) එස් මේ පියාගේ නම එස් එල් වීරරත්න . මාසික විශ්‍රාම වැටුප රුපියල් තිස්දාහක් පමණ වන බව ඔවුන් පවසන නමුත් දරුවන් සනීප කිරීම සදහා ලබා ගත් බැංකු ණය වෙනුවෙන් මාසිකව රුපියල් 28000කට ආසන්න බවයි ඔවුන් පවසන්නේ. මේ පියා දැන් කුලී වැඩට ගියත් ඔහුගේ මානසික මට්ටම හොද තත්වයක නොමැති බව ගම් වාසීන් පවසයි. පියාගේ පමණක් නොව මවගේද වේදනාව , දරු දුක නම් පැහැදිලිවම ඔබටද වීඩියෝ වලින් දකින්න පුළුවන්. දරුවන් සුව කර ගැනීම වෙනුවෙන් මේ දෙමාපියන් තම සියලු දේ කැප කලද දරුවන් සුව වී නැත. දරුවන් දුක් විදිති. මේ දෙමාපියන් කෙසේ නම් උහුලා ගන්නද මේ දුක කියල ඔබටත් තේරෙනවා ඇති. තමන්ගේ දරුවන්ගේ අනාගත සුබ සිද්දිය වෙනුවෙන්ම කැප කරන දෙමාපියන් , තම දරුවන්ට වරදක් හෝ අඩුවක් හෝ පීඩාවක් වූ විට , ඕනෑම අම්මෙක්ට, තාත්තෙක්ට කොයි තරම් නම් වේදනාවක් ඇති වෙනවද?. එහෙනම් මේ අම්මයි තාත්තයි දෙන්නත් විසදුමක් නැති මේ ප්‍රශ්නෙන් කොයි තරම් නම් වේදනාවකින් ජීවත් වෙනවා ඇතිද?.

අපගේ කණ්ඩායම ගිය දිනට පෙර දින පැවති මහා වරුෂාව නිසා මාර්ගය දිගේ පැමිණි මහා ජල කඳට මේ නිවස ද යට වී තිබේ. සෑම වරුසාවකදීම මාර්ගයේ ජලය බැස යන්නේ මේ ඉඩම සහ නිවස ඇතුලෙන් බව පෙනෙන්නට තිබේ. නිවස ඇතුළෙද ජලය තිබෙන බව පෙනෙන අතර බිත්ති පුරා දියසෙවල බැදී තිබේ. දරුවාට නිදා ගැනීමට තිබෙන්නේ ඉතාම කුඩා ලෑලි ගැසූ ඇදකි. මේ දරුවා මාසයක් පුරා බඩගින්න වෙනුවෙන් ලබා ගන්නේ තේ කහටයි. ඒ මේ දෙමාපියන්ගේ දුක්ඛිත තත්වය නිසාය. ඔවුන්ගේ ජීවිත වල එළියක් හෝ මානසික සතුටක් නම් කොහෙත්ම දකින්නට නැත. දැන් මේ දෙමාපියන්ට තවත් කුඩා දරුවෙකු සිටිනවා. මොවුන් බියේ සිටින්නේ වැඩිමහල් දරුවන් දෙදෙනාට සිදු වූ අභාග්‍ය සම්පන්න ඉරණම මේ දරුවාටද අත් වෙයිද කියලයි.

මේ කතාව අහන්න. ඒ වගේම අපි රජයට යෝජනාවක් ඉදිරිපත් කරනවා. මේ වැනි දරුවන් වෙනුවෙන් වෙනමම රෝහලක් හදන්න කියල. එවිට මෙවැනි දරුවන් රජයේ වියදමින් සහ ධනපතීන්ගේ ආධාර උපකාර ඇතිව ඉතාම හොදින් පවත්වාගෙන යන්න පුළුවන්.  මේ කතාව කියවල මේ දෙමාපියන්ට සහ දරුවන්ට කරන උපකාරයක් විදියට තවත් කෙනෙකුට දකින්න බෙදා හරින්න. ඒ වගේම ඔබටත් උපකාරයක් කිරීමට හැකි නම් අපගේ විද්‍යුත් තැපෑලෙන් හෝ 0706311272, 0710866060 හෝ සම්බන්ධ විය හැකිය.

https://www.ravanalankanews.lk/2021/12/09/parents-who-infuse-tea-to-their-children-for-a-month-with-video-share-and-help/
Exit mobile version