මාසික වැටුප් සතිපතා ගෙවනැයි උදය ගම්මන්පිලගෙන් යෝජනාවක්.

අද (25) දින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකට සහභාගී වී සේවකයින්ගේ මාසික වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනා කරන ලදී.එසේ සතිපතා වැටුප් ගෙවීමෙන්  වැටුප් ලබන්නාත් වැටුප් ගෙවන්නාත් ණය උගුලට හසු වීමේ අවධානම අඩු වන බව මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී. සතිපතා වැටුප් ගෙවීමෙන් විශාල මුදලක් එකවර සොයා ගැනීමේ අවධානමක්ද ඇති නොවන බව උදය ගම්මන්පිල මහතා මාධ්‍යට අදහස් දක්වමින් පැවසිය.

Exit mobile version