මාස ගණනක සිට රෝහල්තුළ බෙහෙත් නොමැතිව ජනතාව ප ීඩා විඳිද්දී රටේ අගමැති මලක් සොයා වටේ යයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇස්ප්‍රින් බෙහෙත් නොමැති තත්ත්වයක් උදා වී ඇති බව වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශ කරයි.

සමස්ත ලංකා වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ ඇස්ප්‍රින් ඖෂධය මාස 4ක සිට මෙරට නැති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ හෘද රෝගීන්ට, දියවැඩියා රෝගීන්ට, අංශභාග රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය ඇස්ප්‍රීන් නොමැති කමින් එම රෝගීන් දැඩි අපහසුතාවයටත්, ඔවුන්ගේ ජීවිත අවදානමටත් පත්ව ඇති බවත් රට තුල ඇතිව තිබෙන ඖෂධ හිගය තවදුරටත් පැවතිය හොත් ඉහල යන මරණ සංඛ්‍යාව වැඩි වනු ඇති බවත් ය.

රටේ ජනතාව බෙහෙත් නොමැතිව මරණ මංචකයේ දැවෙමින් සිටියදී පාලකයන් ජාතික පුෂ්පයක් පසුපස දුවයි.බෙහෙත් නොමැතිව ජනතාව පීඩිතව දුක් විඳින රටේ අගමැතිට ඇති එකම දැවෙන ප්‍රශ්නය මලක් සොයා යෑම වීම කෙතරම් හාස්‍යට කරුණක් ද.

Exit mobile version