මාස 03 බැගින් වන කාර්තු 02ට අදාළ ඖෂධ වාර්තා කැඳවයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරි මාස 06 සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසට අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව දිරි මාස 03 බැගින් වන කාර්තු දෙකක් සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කර වාර්තා සකස් කරන ලෙසට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් මෙම වර්ෂය සඳහා මෙරටට අවශ්‍ය කරන ඖෂධ සැපයුම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇත.

කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම ගෝලීය වසංගතය හමුවේ කුමන බාධා පැමිණියද ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදිය යුතු අතර ඒ සඳහා රජය ප්‍රමුඛතාවයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඖෂධ ආනයනය කිරීමේ දී මෙරට නිෂ්පාදනය කළ හැකි ඖෂධ පිළිබඳව සැලකිලිමත්ව ඖෂධ ගෙන්විය යුතු බවත්, ඒ සඳහා ඖෂධ පිළිබඳව නිසි අධ්‍යයනයකින් යුතුව ක්‍රියාකළ යුතු බවත් ය.

එමෙන් ම එම සාකච්ඡාවේදී අවධානය යොමු වූ තවත් කරුණක් වන්නේ මෙරට තුළ ඖධ විශාල වශයෙන් නිෂ්පාදනය කළ ද ජනතාව විවිධ සන්නාමයන් යටතේ නිකුත් කරන ඖෂධ සඳහා හුරුව ඇති බැවින් එම වර්ගයේම විවිධ සන්නාමයන්හි ඖෂධ ආනයනය කිරීමට සිදුව ඇති බවයි.

Exit mobile version