පසුගියදා පොහොට්ටු පක්ෂයේ මැරයන් පහර දෙන බවට දැනගෙන ඒ පිලිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට දේශබන්ධු තෙන්නකෝන් මහතා කටයුතු නොකළ බැව් පෙරදින අධිකරනයෙන්ද ඇසුණු අතර අරගලයට පහරදුන් දීමට පෙර දින රාත්‍රියේ අසනීපව රෝහල් ගතවීමට DIG චම්පික සිරිවර්ධන මහතා කටයුතු කර තිබුණි. පෙර දින (08) දින එම ප්‍රහාරයෙන් අරගලයේ සිටින තරුණයන් බේරා ගැනීම සඳහා කටයුතු කරන ලෙස චම්පික සිරිවර්ධන මහතාද යම් ඉල්ලීමක් කර තිබෙන බව එදිනම වාර්තා විය. ඔහු සේම තවත් වගකිව යුතු පොලිස් නිලධාරින් ඒ පිලිබඳව තමන්ට වඩා උසස් පොලිස් නිලධාරීන්ව දැනුවත් කර තිබුණි. චම්පික සිරිවර්ධන මහතාද ඉන් එක් අයෙකි.
චම්පික සිරිවර්ධන මහතා රෝහල්ගත නොවුයේ නම් එදින ප්‍රහාරයේ වගකීම ගැනීමට සිදුවන්නේ චම්පික සිරිවර්ධන මහතාට වේ. බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිටින දේශබන්ධු තෙන්නකෝන් මහතා නියම විදියට නම් මේ වන විට වැඩ තහනමකට ලක්ව පරීක්ෂණ වලට ලක් කල යුතු වුවත් එවැනි ක්‍රියාවක් මේ වන තෙක්ම සිදුව නැත.
කෙසේ වුවත් DIG චම්පික සිරිවර්ධන යනු දක්ෂ රගර් ක්‍රීඩකයෙකු මෙන්ම තම රාජකාරිය අකුරටම සිදුකරන පුද්ගලයෙක් බව විවිධ වාර්තා පෙන්වන අතර කිසිවෙකුගේ දේශපාලන හෙන්චය්යෙකු නොවන බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. ඒ මහතා ගෙවුණු මාස 5 තුල ස්ථාන මාරුවීම් 6 ක් ලැබීමට තරම් වාසනාවන්ත වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු මේ වන විට කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස යවා තිබේ.
ශ්‍රී රාවණා සටහන
නීතිය සුරකින උසස් පොලිස් නිලධාරින් නීතිය නැමීමට ගොස් අමාරුවේ වැටෙන්නේ තමන්ගේම් වරදිනි. ආයතන සංග්‍රහයේ III වැනි පරිච්චේදයේ 4:1 ට අනුව කටයුතු කිරීමට සියලුම රාජ්‍ය නිලධාරින් නීතියෙන් බැදී සිටී. අදාල උපදේස් වලට අනුව කටයුතු නොකරමින් යම් රාජ්‍ය නිලධාරියෙකු ස්ථාන මාරු කර තිබේ නම් එම සන්ග්ර්හයේම XIV වැනි පරිච්චේදයේ 24:13 උප වගන්තිය යටතේ අදාළ රාජ්‍ය නිලධාරියාගේ ස්තාන මාරුවීම සදහා යන සියලුම වියදම් ගෙවිය යුතුය. එය ගෙවිය යුත්තේ ස්ථානමාරුව සිදු කිරීමට තීරණය කරන ජේෂ්ඨ නිලධාරියා ය. ඔහුගේ පුද්ගලික මුදලින් එය ගෙවිය යුතුය. ඊට අමතරව අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග ද ගත හැකි අතර රාජ්‍ය සේවක ස්තානමරුවීම් සිදුකල යුත්තේ ආයතන සංග්‍රහයට අනුවය. එය ත්‍රිවිධ හමුදාවටද පොදුය.