ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයකට ඉඩ දීමේදී වේගය පාලනය කරගත නොහැකිව ත්රී රෝද රථයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.මෙම අනතුරට ලක් වූ ත්රී රෝද රථයේ මාස 5 ක බිළිදියක් ද සිට ඇති බව සදහන්.
ත්රීරෝද රථයේ අපරික්ෂාකාරී ධාවනය මෙම අනතුරට හේතුව බව පොලීසිය ප්රකාශ කරයි.
මෙම ත්රී රෝද රථයේ එකම පවුලේ පස් දෙනෙකු සිට ඇති අතර අලුතින් ගත් මම ත්රී රෝද රථයට පූජාවක් පැවැත්වීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
මෙම අනතුරින් ත්රී රෝද රථයේ ගමන් කළ අයෙකුට බරපතළ තුවාල සිදු වී ඇති අතර
එම පුද්ගලයා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ .