අද (04) දින මාස 06යකට ආසන්න කාලයක් පොලිස් ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ තැම්පත් කර තිබූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය යලි ඥාතීන් වෙත භාර දීම සිදු වූයේ කොලඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට අනුවයි.
වාර්තා වන ආකාරයට බොරැල්ල පොදු සුසාන භුමියේ මිහිදන්කර තිබූ ශාෆ්ටර්ගේ දේහය අධිකරණ නියෝගක් මත ඉකුත් මැයි මස 25වන දින පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් ඉදිරියේ ගොඩගෙන තිබේ.
අධිකරණ නියෝගයකට අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය හමුවේ දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවත සිදු කර තිබේ.
ඒ, එතෙක් අභිරහසක්ව පැවති ඔහුගේ මරණය සිදුව ඇති ආකාරය පිළිබඳව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහායි.
එම පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය වෙත රැගෙන ගොස් තිබේ.
ඉන් අනතුරව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මොහුගේ මරණයට හේතුව පසුගිය පළමු වනදා ප්‍රකාශයට පත්කරනු ලැබු අතර ඉන් හෙළි වූයේ මෙම මරණය ගෙළ සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදුවී ඇති බවටයි.
මහේස්ත්‍රාත් අධිකරණය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියෝග කර තිබෙන බවට වාර්තා වේ.
ඒ, අනුව අද (04) පෙරවරුවේ ඔහුගේ ඥාතීන් පැමිණ දේහය භාර ගැනීම සිදු වූ බව තවදුරටත් වාර්තා වේ.