මාස 8ක් තුල පාතාල ප්‍රහාර 60 ක්.

ගතවූ පසුගිය මාස 8 ක කාලය තුළදී ලංකාවේ පාතාල කණ්ඩායම් වල ප්‍රහාර හමුවේ පුද්ගලයන් 36 දෙනකු ඝාතනය වී ඇති බව වාර්තාවේ.

එම සියලු මරණ වෙඩි තබා ඝාතනය කර ඇති අතර එම  කාලසීමාවේ පාතාල කණ්ඩායම් සාමාජිකයන් විසින් ප්‍රහාර 60 ක් එල්ලකර තිබේ. එම ප්‍රහාර හමුවේ පුද්ගලයන් 28 දෙනෙක් බරපතළ තුවාල ලබා ඇත.

මෙම පාතාල ප්‍රචණ්ඩ ක්‍රියාවන් හා ප්‍රහාරයන් වැඩි ප්‍රමාණයක් වාර්තාවන්නේ බස්නාහිර පළාත සහ දකුණු පළාත මුල්  කරගෙන වන අතර මෙම පාතාල ක්‍රියාකාරකම් වලින් වැඩි ප්‍රමාණයකට මුල්වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් බව සදහන්වේ.

Exit mobile version