මාස 9ට ළමා ලිංගික අපයෝජනය 425 ක් !

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඉල්ලා සිටින්නේ වයස අවුරුදු දහසයට අඩු දරුවන් ප්‍රේම සම්බන්ධතා මත දූෂණයට ලක්වන සංඛ්‍යාව ඉහළ ගොස් තිබිම හේතුවෙන් දෙමාපියන් දැඩි අවධානයෙන් සිටින්නැයි යනුවෙනි.

වාර්තා වන ආකාරයට මේ වසරේ ගෙවුණු මාස නවයේ පමණක් දරුවන් නවසිය දාහත් දෙනකු මෙලෙස දුෂණයට ලක් වි ඇති අතර එය 2022 වසරට සාපේක්ෂව වැඩි විමක් වන අතර ගෙවුණු මාස නවයේ පමණක් බරපතල ලිංගික අපයෝජනයට ලක් වු දරුවන් ගණන හාරසිය විසිපස් දෙනකි. එය ගිය වසරට සාපේක්ෂව දරුවන් හැට එක්දෙනකුගෙන් වැඩි විී ඇති අතර ප්‍රතිශතයක් ලෙස 17 % ක වැඩිවීමකි.

තවද සිගා කෑමට සැලැස්විම හා කූට්ඨනය යටතේ දරුවන් දාහතරදෙනකු හදුනාගෙන ඇති බවත් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සදහන් කරන අතර ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ වර්ෂ 2000 සංවත්සරයට සමගාමීව “ළමා අපයෝජන වැළැක්වීමේ දිනය” සැමරුම් උත්සවයක් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී පසුගියදා පැවැත්විණි.‍ එහිදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

Team Hero කණ්ඩායමේ සංවිධානයෙන් පැවැත්වූ මෙම උත්සවය සඳහා අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ හා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ ද එක් වූ බව තවදුරටත් වාර්තා වේ.

Exit mobile version