ආයතන සංග්‍රහය තුල ඉතාම පැහැදිලිවම පෙන්වා දී තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ට තම රැකියාව කරන ස්ථානය තුල ප්‍රියමනාප ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය විය යුතු බවයි. එසේ වුවත් රටේ අතිශයින්ම වැදගත්ම ස්ථානයක් වන
විභාග දෙපාර්තමේන්තුවේ සේවකයන්ට අවුරුදු පහක් තිස්සේ එය අහිමිව තිබේ. ඒ ගිණුම් අංශයේ නියෝජ්‍ය සහ සහකාාර කොමසාරිස්වරියන් තිදෙනාගේ ක්‍රියාකලාපය නිසායි. සේවකයන් ප්‍රකාශ කරන්නේ ඔවුන් ඉතා අශෝභන, අශීලාචාරී හැසිරීම, නින්දාසහගත ලෙස කටයුතු කරමින් සේවකයන්ට අපහාස සහ අවලාද නගමින් සමච්චල් සහගත ක්‍රියාවලියක නිරත වන බවයි.
එම හේතුවෙන් එම නිලධාරීන් තිදෙනා විභාග දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන තෙක් දිනපතා දිවා ආහාර වේලාවේ උද්ඝෝෂණය කිරීමට තීරණය කර තිබේ. අද වන විට දින කිහිපයක්ම ඔවුන් එසේ උද්ඝෝෂණ සිදු කලත් , ප්‍රතිපල නැති බැවින් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
ඊට අමතරව මේ වන විටත් විභාග දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් අකුරට වැඩ කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය සාමාන්‍ය රාජකාරිවලට අමතරව ඉටුකරන රාජකාරීවලින්ද, අමතර කාලයේ ඉටුකරන රාජකාරීවලින්ද වැළකී සිටීම මේ වන විටත් ආරම්භ කර තිබේ.
එම නිලධාරීනියන් තිදෙනාට එරෙහිව චෝදනා 22 ක් සඳහන් ලිපියක්ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ දක්වාම යොමුකර තිබේ.
ඊට අමතරව ඔවුන්ගේ විෂමාචාර ද විශාල ප්‍රමාණයක් ඡේද හතරක් යටතේ ඔවුන් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව 2024.02.20 සිට ප්‍රධාන රාජකාරීන් 8 කින් ඔවුන් ඉවත්ව සිටින බැවාන් ඉදිරි වැඩ වර්ජනයකට සූදානම් වෙමින් සිටී.
රටට අතිශයින්ම වැදගත්වන මෙවැනි ආයතනයක තිබෙන වටිනාකමවත් හඳුනාගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ අමාත්‍යවරුන් හෝ හඳුනාගෙන නැති බව පැහැදිලිය. ඒවායේ වටිනාකම් හඳුනා නොගත්තත්, දුෂිතයන්ට රැකවරණය දීමටත්, හොඳින් රාජකාරීන් කරන නිලධාරීන් පන්නා දැමීමටත් අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ද අතිශයින්ම දක්ෂ බව අප මීට පෙරම වාර්ථා කර තිබේ. ඒ රත්නපුරේ සමන් දේවාලයේ නිළවරණය ඉලක්කකරගෙන ප්‍රාදේශීය ලේකම්වරුන් මාරු කිරීම, මහනුවර උඩපලාතේ ප්‍රාදේශීය ලේකම්වරිය මාරු කිරීම ආදී සිද්ධීන් වලිනි.
එබැවින් වහාම ක්‍රියාත්මක වී මෙම සිද්ධියට අවශ්‍ය කටයුතු වහාම සිදු කිරීම බලධාරීන්ගේ ප්‍රමුඛතම වගකීමක් වේ.
උද්ඝෝෂණ අවස්ථාවේ වීඩියෝ පහතින්. ( යු ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීමටත් අමතක නොකරන්න)