මැක්ස්වෙල්ගේ සිව්වන ශතකය

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ග්ලේන් මැක්ස්වෙල් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තරගයේ ලකුණු 150ක් රැස්කර ගැනීමට සමත්ව තිබේ.

වාර්තා වන ආකාරයට මැක්ස්වෙල් අද මෙලෙස වාර්තා කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වන අතර මැක්ස්වෙල් මේ වන විට නොදැවී පන්දු 107කට ලකුණු 155ක් රැස්කර ගෙන ඇති අතර ඊට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 18ක් ඇතුළත් වේ.

ලකුණු 292ක ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට පන්දුවාර 43ක් අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 245ක් රැස්කර ගෙන සිටින බව තවදුරටත් වාර්තා වේ.

Exit mobile version