බේරුවල චීන කොටුව ප්‍රදේශයෙන් ඔමික්‍රොන් ආසාදිතයෙක් හඳුනාගෙන ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අනාවරණය කර ඇත.
අදාළ පුද්ගලයා විදෙස්ගත වීමට සූදානමින් සිටි අයෙක් බවත් එහි දී කරන ලද PCR පරීක්ෂාවක දී ඔහු ආසාදනය වූවෙක් ලෙස හඳුනාගෙන ඇති බවත් එහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා සඳහන් කර ඇත.
අනතුරුව ඒ සම්බන්ධයෙන් කරන ලද ජාන පරීක්ෂාවකින් අනාවරණය වී ඇත්තේ ඔහු ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිනය වූවෙක් බවයි.
අදාළ පුද්ගලයා වෘත්තියෙන් මැණික් ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුගේ සමීපතමයින් කිහිප දෙනෙක් මේ වන විට නිවෙස් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කරයි.
එමෙන් ම එම ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් සියලු දෙනා අද (03) දිනයේ PCR පරීක්ෂාවකට ද යොමු කිරීමට නියමිත බවද සඳහන් වේ.