මැතිවරණයට අදාළව මුදල් ලේකම්ට තහනම් නියෝගයක්

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සදහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රදවාගැනීම වළක්වාලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ .

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දී ප්‍රීති පද්මන් සූරසේන ,ජනක්ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන තිදෙනාගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මණ්ඩලය මගින් මෙම නියෝගය ගෙන ඇති බවට වාර්තා වේ.

Exit mobile version