මැතිවරණයට බාධා කිරීම අවුරුදු 3ක් හිරේ යන වැඩක් – අනුර කුමර දිසානායක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක මහතා ඊයෙ ( 20 ) දින මාළිගාවත්ත ප්‍රදේශයේ පැවැත් වූ ජන රැලියකට සහභාගී විය . මැතිවරණ කටයුතු සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකර මැතිවරණ කටයුතු වලට බාධා කලහොත් එය වසර 3ක් දඩුවම් ලැබිය හැකි වරදක් බව දිසානායක මහතා එහිදී අදහස් දැක්වීය.

එමෙන්ම රජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර මහතා ඇප බාර නොගන්නේ යැයි යැවූ ලිපිය සම්බන්ධයෙන් නීල් බණ්ඩාර මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය .

එමෙන්ම භාණ්ඩාගාර ලේකම්වරයා මැතිවරණය සදහා මුදල් නොදී සිටිනවා නම් එය මැතිවරණයට හිතා මතා කරන බාධාවක් බව කියා සිටියේය .

Exit mobile version