මැතිවරණයට රුපියල් මිලියන 100ක්.

පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මහ භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත රුපියල් මිලියන 100ක් ලබා දී ඇති අතර මැතිවරණ කොමිසම වෙත එම මුදල් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම මාර්තු මස 9 වැනිදා පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් වැඩි දුරටත් මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් කියා සිටියේය .

Exit mobile version