පාස්කු ප්‍රහාරයේ සියලුම සත්‍ය සිදුවීම් තවමත් මහජනතාවට අනාවරණය වී නැත. ගෝඨාභය, මහින්ද ප්රමුඛ පොදුජන පෙරමුණ බලයට පැමිණියේ පාස්කු ප්‍රහාරය විකුනමිනි. පාස්කු ප්‍රහාරය සමයේ රට පාලනය කල UNP සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යන දෙකටම රටේ දේශපාලන බලය අහිමි වී ගියේය. නමුත් බලයට පැමිණි ගෝඨාභයට හෝ මහින්දටද පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකිරීමට නොහැකි විය.
මේ අතර පාස්කු ප්රහාරයසම්බන්ධව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග කවරේ දැයි අධ්‍යයනය කිරීමට නීතිඥ කණ්ඩායමක් පත්කළ බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ‘ඉරිදා මව්බිම’ ට පවසා තිබේ.
මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධව පසුගිය 12 දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව ඉතා පැහැදිලිව ම පෙන්නුම් කරන්නේ ඉහළ දේශපාලන තලය මෙම ප්‍රහාරය වළක්වාලීමට කටයුතු කර නැති බවද, ඒ සඳහා වන්දි ගෙවීමට පමණක් නියෝග කිරීම ප්‍රමාණවත් නොවන බැවින් අලුතින් නඩුවක් නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ යුතුව ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.
මේ පිළිබඳව දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියේදී මැදිහත් විය යුත්තේ කෙසේ ද යන්න නිරවුල්ව අධ්‍යයනය කළ යුතුව ඇති බව ද දිසානායක මහතා සඳහන් කර තිබේ. ඒ අනුව ඊට අදාළ නීතිඥ කණ්ඩායමක් පත් කළ බවත් ඉදිරි ක්‍රියාමාර්ග ගැන පුළුල් අධ්‍යයනයක් සිදුකිරීමට ජාතික ජනබලවේගය අපේක්ෂා කරන බව ත් හෙතෙම සඳහන් කර තිබේ.
කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට සාධාරණය, යුක්තිය ඉටු කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බව ඔහු වැඩිදුරට ත් අවධාරණය කර තිබේ.
ඒ අනුව පෙනී යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ සටන් පාඨය වන්නේද “පාස්කු ප්‍රහාරයේ වග කිව යුත්තන්ට දඩුවම් ලබා දීමට කටයුතු කරනවා” යන්නය. කෙසේ නමුත් නඩු පැවරීමට කටයුතු කරන්නේ නම්, ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනතේ 25 (1) වගන්තිය යටතේ පුද්ගලිකව අපරාධ නඩු පැවරිය හැකිය. නමුත් මේ වන තෙක්ම එය සිදුකරනා බව කිසිම පාර්ශ්වයකින් අපට දක්නට නැත. කල යුත්තේ අදාල වාර්තා සියල්ලම රැගෙන ඔවුන්ට විරුද්ධව පෞද්ගලිකව අපරාධ නඩු පැවරීමය.