මැතිවරණය කල් යන ලකුණු!, නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට සහතිකයක්!.

මේ වන විට දේශපාලන පක්ෂ ප්‍රධානීන් තම බල පොරය ආරම්භ කර තිබේ. නමුත් ගම්වල සිටින බොහෝ මිනිසුන්ට නම් තවමත් චන්දයක ලකුණක්වත් තිබෙන බවක් දක්නට නැත. ඒ අතරේ 1994 සිටම මෙරට පාලනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොහොට්ටුවද මේ වන විට ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටිති. ගෝඨා චන්දය ඉල්ලන විට ඔවුන් දෙකඩ වුවත් 2019 දක්වාම රට පලනය කළෝද ඔවුන්මය.  

ඔවුන් වැනසූ ශ්‍රී ලංකාව මේ වන විටත් ණය බරින් පීඩිතව සිටි. රටේ ජනතාවද එසේමය. සියල්ලම විනාෂයකට අත් වනමින් තිබෙන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ද දැන් කටයුතු සිදුවෙමින් පවතී. මේ අතර නාම යෝජනා භාර දීම අවසන් වූ පසු පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී ය. එහිදී එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මෙම ප්‍රතිඥාව ලබා දී  තිබෙන බව වාර්තා වේ. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා කැඳවීම ආරම්භ කර ඇති බව ත්, එය ලබන 21 වන දා අවසන් වූ පසු පනත ප්‍රකාරව මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් අධිකරණයේදී සදහන කර තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය ජී.එල්.පීරිස් විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබුණු අතර අනෙක් පෙත්සම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, එම්.ඒ. සුමන්තිරන් සහ අනුර ප්‍රියදර්ශන යාපා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

ඒ කෙසේ වෙතත් විවිධ පාර්ශ්ව සදහන් කරන්නේ මැතිවරණය කල් යා හැකි බවයි. රජයද එයට සූදානම් නැති බවද පැහැදිලිය. මැතිවරණ උණුසුම සමග තිබු කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ රැස්වීම් දෙකේදීම කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන මහතා සදහන් කලේ ආණ්ඩුවට මුදල් නැති බවය. මැතිවරණය පැවැත්වීමට නම් අවශ්‍ය ප්‍රතිපාධන ලබා දීම රජය මගින් කල යුතුය.  

Exit mobile version