මැතිවරණ සේවා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකුලව හැකියාවක් නොමැති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නීතිමය ප්‍රතිපාදන ඇත්තේ මහා මැතිවරණයකින් අනතුරුව පාර්ලිමේන්තුව පළමු වරට රැස්වී වසර දෙකහමාරකට පසුව බවයි.
කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මේ බව ප්‍රකාශකර ඇත.
එසේම පළාත් සභා මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමයට පැවැත්වීම සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම අත්‍යවශ්‍ය කරිනක් බව ද සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.