මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මැතිවරණ අචාරධර්ම නීතිගත කිරීම සඳහා පියවර ගන්නා බවයි.
මේ වන තෙක් මෙරට තුළ මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට නීතියෙන් දඬුවම් ලබා දීමට නොහැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ.
එමෙන් ම ඔහු සඳහන් කළේ මෙතෙක් පැවති ආකාරයට මැතිවරණ ආචාරධර්ම ඉදිරිපත් කර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කළ ද කිසිදු අවස්ථාවක එම ආචාරධර්ම කඩකරායින් පසු ගතයුතු ක්‍රියාමාර්ගයක් නොතිබුණි.
මේ හේතුවෙන් පසුගිය කාලවකවානු තුළදී විශාල වශයෙන් ගැටුම්කාරී තත්ත්වයන් පවා මතුව තිබූ අතර එබැවින් මෙවැනි අදහසක් ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.