මැතිවරණ දිනය තීන්දු කිරීම සදහා අද පෙරවරුවේ මැතිවරණ කොමිසම විසින් අද කැදවා තිබූ සාකච්ඡාවට මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහභාගී වී නොමැති බව වාර්තා වේ.
එම අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් කැදවා තිබූ ආරක්ෂක කවුන්සිල රැස්වීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහභාගී වීමට ගොස් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය.
කෙසේවෙතත් අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවවරයා යන දෙදෙනාම පාර්ලිමේන්තුවේ සිටි බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.