මැතිවරණ කොමිසම නැවත රැස්වෙයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම උදෙසා මැතිවරණ කොමිසම එළඹෙන 11 වනදා රැස්වීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම ඉදිරි දින දෙක තුළ දී අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව සදහන්.

මැතිවරණය පැවැත්වීම උදෙසා මුදල් ලබා දෙන ලෙසට ඉල්ලුව ද එයට බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු බවත් , මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති වෙත ඉදිරිපත් කළ ලිපියට ද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන ලදී.

අප්‍රේල් 25 වැනි දින පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට දින නියම කර ඇති බව ඔවුන් වැඩි දුරටත් සදහන් කර තිබේ.

Exit mobile version