මැතිවරණ නිරීක්ෂණ, පක්ෂ ලේකම්වරු, මැතිවරණ කොමිසමට

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ආයතන චන්දය පිළබදව සාකච්චා කිරීම සදහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ,දේශපාලන  පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසම් සභාවට කැදවා තිබේ.

පැෆරල්සංවිදානයේ විධායක අධ්‍යක්‍ෂරෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ චන්ද විමසීමට අදාලව මෙම කණ්ඩායම් තුනම එක්ව සාකච්ඡාවක් කරණ පළමු අවස්ථාව මෙය බවයි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරු හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසම විසින් කැඳවලා තියෙනවා. මම හිතන්නේ මේ මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ සංවිධාන සමග ඒකාබද්ධව පවත්වන පළමු අවස්ථාව මෙයයි. අපි බලාපොරොත්තු වෙනවා පැෆරල් සංවිධානය හැටියට මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමට තියෙන බාධක පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමුකරන්න. මොකද පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙමින් තමයි මැතිවරණය පවත්වන්නේ. ඒ නිසා පළාත් පාලන ආයතනවල සම්පත් විශේෂයෙන්ම වාහන, සංවර්ධන ව්‍යාපෘති වගේම සුබ සාධන වැඩසටහන් මැතිවරණයේ දී අපේක්ෂකයින් ප්‍රවර්ධනයට භාවිතයට ගන්න ඉඩකඩ තියෙනවා. දැනටමත් ඒ ගැන පැමිණි තියෙනවා. මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමුකරන්න බලාපොරොත්තු වෙනවා.”

Exit mobile version