මැතිසභය ආරම්භයේදී සජිත්ගේ ප්‍රකාශය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (15) මැතිසභයේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශ කළේ ,

රට බංකොලොත් කළ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වාදී ඇති හෙයින් ඒ අයගෙන් වන්දි ඉල්ලන්නැයි ආර්ථික බංකොලොත්භාවය නිසා ජීවනෝපාය නැති වූ පිරිස්වලින් තමා ඉල්ලීමක් කරන බවයි.

වාර්තා වන ආකාරයට රටේ ආර්ථික බංකොලොත්භාවය ඇති කළ පිරිස හඳුන්වාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසික එකක් බව පැවසූ විපක්ෂනායකවරයා පාලකයන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවද ප්‍රකාශ කර තිබේ.

Exit mobile version