මැරයින්ගේ සත්තමට පොලිසියේ සහය.

ඊයේ (27) දිනයේ ගාලුමුවදොර පිටියේ සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතාවයකට මැර කණ්ඩායමක් පැමිණ විරෝධය පල කරන ලදී.

කෙසේ නමුත් මෙම සිදුවීම වන අවස්ථාවේ එම ස්ථානයේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් පැමිණ සිටිය ද මෙම චණ්ඩි රැල පාලනය කිරිමට එක් අයෙක් හෝ ඉදිරිපත් නොවීය.

මෙම සාමකාමී විරෝධතාවයට බලපෑම් සිදු කිරීම සඳහා කෑ මොර දෙමින් පුද්ගලයින් 04 දෙනෙකු වැනි කුඩා පිරිසක් පැමිණි අතර එම අවස්ථාව වන විට එම ස්ථානයේ පොලිස් නිලධාරින් ආසන්න වශයෙන් 10කට වැඩි පිරිසක් රැඳී සිටි නමුත් එක් නිලධාරියෙක් හෝ මෙම චණ්ඩි ටික පාලනය කිරීම සඳහා කටයුතු නොකළ බවයි එම අවස්ථාවේ දී නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කළේ.

මෙම වීඩියෝ පටය නරඹන මෙම අවස්ථාව දකින ඕනෑම නූගතෙකුට වුවත් මෙම පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ මැරයන් පාලනය කිරීමට නොවන බවත් එම සාමකාමී විරෝධය මැඩලීමට කටයුතු කරන බවත් වැටහෙනු ඇත.

කෙසේ නමුත් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය මෙම අවස්ථාවේදී විවේචනය කළ යුතුව ඇත.මක් නිසාද යත් තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්පූර්ණයෙන් පවතින ප්‍රජාතන්ත්‍රවාදී රටක පොදු භූමියකට පැමිණ කිසිවෙකුට හිරිහැර නොවන අයුරින් කරන ලද සාමකාමී විරෝධයක් මැඩලීමට ගත් මෙම උත්සහය නීති විරෝධී වූවන් වන බැවිනි.

චණ්ඩින් පැමිණ විරෝධයේ නියලෙන්නන්ට සද්ද දමා යන තුරු පසෙකට මෙම පොලිස් නිලධාරීන් පසෙකට වී බලා සිටියි.රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පත්කර ඇති මෙම නිලධාරීන් චණ්ඩින්ගේ පැත්ත ගන්නේ කුමන හෝ කරුණක් පාදක කර ගනිමින් විය යුතුය.

Exit mobile version