“මැරවින් සිල්වා ලොන්ත සිමයියාට පයිත්තියන් නෙවෙයි බොල!”

කන්ද උඩ පස් රටේ ශ්‍රී වික්‍රම රාජසිංහ වඩුග නායක්කාර් රජ්ජුරුවන්ගේ ආන්ඩුව මධුරාපුර බ්‍රාහ්මණ වංශික උභයකුල පාරිශුද්ධ රදල කුලයේ අභිමානවත් නිලමේවරුන් විසින් තුන්වන ජෝර්ජ් මහ රජ්ජුරු අස්ථාන බණ්ඩාර මහ රජෝත්තමයනන් වහන්සේගේ ආන්ඩුවට ගිවිසුමක් මගින් පාවලා දෙන්ට අවුරුදු තුනකට කලියෙන් හදවාපු පාරත්තු ඉරිප්පු නොහොත් බලන් ඉන්නවා කියන තෙලිගු බාසෙන් කියවන පත්තිරිප්පුව නොහොත් අටකොං අට්ටාල බැලුං ගේ ආකාරෙට හත්කෝරළේ පැත්තෙ අටවාපු බොරු අටකොං අට්ටාල බැලුං ගෙයක් කඩාදාන්ට මැරවින් සිල්ලුවා කියාලා ලොන්ත සිමයියෙක් නගරං දානවා දැකපු අප උභයකුල පාරිශුද්ධ රදල කුලයේ අභිමානයට අභිගෘහිතව වැඩවසන දැඩිමුණ්ඩ දෙවි රාජෝත්තමයානන් වහන්සේ සුදු සුම්බරයක් බැදගෙන කෙවිටක් අතින් අරගෙන නිලමෙට හීනෙන් පෙන්නුම් කොරාලා මේ මොන විජ්ජුම්බරයක්ද බොල මේකට පයිත්තියන්ද කියලා අසා වදාරන්ට උනා.

නිලමේ බොහොම යාප්පුවෙන් දැඩිමුණ්ඩ දෙවි රාජෝත්තමයානන් වහන්සේට සැලකොරේ, මතු බුදුවෙන්ට පෙරුම් පුරන දෙවියන් වහන්ස අවසරයි, මේ මැරවින් සිල්ලුවා කියන්නෙ පත්තිනි දෙයි හාමුදුරුවන්ගෙ නාමෙට පුද සත්කාර කොරන්ට නවගමුවේ පත්තිනි මෑනියන්ගෙ දේවාලෙ හදවන්ට චේරල මන්ඩලයේ මලබාරෙ මලේ රටෙන් ආපු හොරගොල්ලේ නීලපෙරුමාල් පන්ඩාරනායගම් කලු කපුවගෙ පරම්පරාවට කඹුරලා කවුන්සිල් ගියපු පරන ලොං හැලිච්ච පරණ තෙන්කාසි දුරාවෙක්. ඕකට පයිත්තියන් නෙවෙයි දෙයි හාමුදුරුවනේ දැන් කාලි අම්මගෙ මුන්නේශ්වරමට පැනලා බිලි පූජා වලක්කපු සාපෙ වැදිලා මරු විකලෙන් දගලනවා ඕකට කමා කොරන්ට යහපති. කියාලා,

එහෙනම් නිලමේ ඕකට දන්නන්ට පුළුවන් නං රට පුරාම අලුතෙන් එක එකා බන්දාපු අටකොං අට්ටාල බැලුං ගෙවල් බලා කියාගෙන මයෙ අලුත්නුවර දේවාලෙට ඇවිත් පඩුල්ලාගෙන කාලි අම්මා කමාකොරගන්ට කියාලා. නැත්තං ඕකට වස් වදී කියාලා පෙන්නුම් කොරා. නිලමේ ඇහැව්වා, එතකොට මොකද දෙවි හාමුදුරුවනේ මැරවින් සිල්ලුව දුටුගැමුණු කතාවක් කිය කිය ඇවිදින්නේ මතු බුදුවෙන දෙවි හාමුදුරුවනේ….කියලා අහපු නිලමෙට අප උභයකුල පාරිශුද්ධ රදල කුලයේ අභිමානයට අභිගෘහිතව වැඩවසන දැඩිමුණ්ඩ දෙවි රාජෝත්තමයානන් වහන්සේ බොහොම කෝප ගැන්නිලා වදාරව්වෙ යහපති,

දුටුගැමුණු මහ රජ්ජුරුවෝ දැන් දෙව්ලොව දෙවිවෙලා වැඩ ඉන්නවා දැන ගනුව. මේ පාතරට තෙන්කාසි දුරා සිල්ලුවො කොහෙද බොල ඒ කාලෙ සිලෝන් රටේ හිටියෙ? ඕකගෙ පරම්පරාවේ කවුරුත් පරම්පරා අටකට කලියෙන් වත් සිලෝන් රටේ හිටියෙ නෑ මධුරාපුරේ තෙන්කාසි පලාතෙ අරුප්පුකෝට්ටෙයි ගමේ පොල්ගස් බඩගගා හිටියා ඔය හත්කෝරළේ අටකොං අට්ටාල බැලුං ගේ පඩුරු බිස්නස් එකත් ඕකගෙම ගෙහෙඩි වැඩක් කියාල දෙවි හාමුදුරුවෝ හීනෙන් අහක්ට වැඩියා…

අභිමානවත් උභයකුල පාරිශුද්ධ රදල කුලයේ කුඩා ආටිගල නිලමේ විසිනි.

Exit mobile version