යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතික සංචාරකයකු ඊයේ (24) පස්වරුවේ සිට අතුරුදහන් ව ඇති බව සදහන් වේ.
මෙම සංචාරකයා රියදුරා සමග කැබ් රථයකින් තනිවම වනෝද්‍යානය නැරඹීමට ගමන්කර ඇති බවත් එසේ ගිය අවස්ථාවේ සංචාරකයා කැබ් රථයෙන් බැස මැණික් ඟඟ ආසන්නයේ මුහුද දෙසට ගමන් කර ඇතිබවත් නැවත නොපැමිණි බවත් සදහන් වේ.
මේ සම්බන්ධව සංචාරකයා සෙවීමේ මෙහෙයුම් යාල පලටුපාන වනජීවී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් හා කිරින්ද පොලීසියේ නිලධාරි කණ්ඩායමක් එක්ව සිදු කරන බව සදහන්වේ.