පසුගිය දා සංචාරක වීසා මත මැලේසියාව බලා පිටත්ව යාමට පැමිණි පුද්ගලයින් 9 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මෙලෙස පුද්ගලයින් 14 දෙනෙකු මැලේසියාව බලා පිටත්ව යාමට සූදානම් වී තිබෙන අතර ඉන් 09 දෙනෙකුම සංචාරක වීසා මත මැලේසියාවේ රැකියා සඳහා යාමට උත්සහකර ඇති බව විමර්ශන වලදී හෙළිවී තිබේ.
එමෙන්ම ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මෙම පිරිස විදෙස් රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කල ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ක්රියාත්මක බවයි.
කෙසේ වෙතත් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් පිරිස මුදා හැර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔවුන් නැවත කැඳවීමට නියමිතව ඇත.