මිත්‍රවරුනි. මට තර්ජනය කරනවා – සජිත් කියයි.( වීඩියෝ)

මිත්‍රවරුනි. මට තර්ජනය කරනවා – සජිත් කියයි.

අන්තර්වාර ආණ්ඩුවක් පිළිබඳව ඇතැමුන් පැතිර වූ නාඩගමේ ඇත්ත අද වන විට හෙළිදරව් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුව අච්චාරුවක් බවට පත්වී ඇති බවත්, ඒ අච්චාරු වෙච්ච ආණ්ඩුවක අන්තර්වාර ආණ්ඩු කරන්න හෝ එහි පාර්ශවකරුවන් වෙන්න සමගි ජන බලවේගය සූදානම් නැතැයි ද තමන් මේ නාඩගම පිළිබඳව මුල සිටම දැන සිටි බවද ඒ මහතා පැවසීය.

විපක්ෂ නායකකම් හෝ ඊට වඩා ලොකු තනතුරු හෝ තමන්ට ආභරණ නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ තනතුරු වලට වහල් වෙමින් ජනතා සටන පාවා නොදෙන බවද පැවසීය. ජනතා විරෝධය සහ ජනතාවගේ ඉල්ලීම වරදාන වලට පාවා දීමේ පුරුද්දක් සමගි ජන බලවේගයට නැති බව පැවසූ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගයේ අරගලය වන්නේ මේ රටේ ජනතාවට ජයග්‍රහණ අත්පත් කරදීම බව ද පැවසීය.

“ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව” තේමාව  සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” අද (29) තෙවැනු දිනයට දංඕවිටෙන් ආරම්භ විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් විශාල පිරිසක් එම පා ගමනට එක්ව සිටී.

(1) තනතුරු පට්ටම් ආභරණ නෙවේ. අන්තර්වාර ආන්ඩුවේ නාඩගම මෙන්න. ⚠️ NEWS CLIP – YouTube

(1) තනතුරු පට්ටම් ආභරණ නෙවේ. අන්තර්වාර ආන්ඩුවේ නාඩගම මෙන්න. ⚠️ NEWS CLIP – YouTube

Exit mobile version