මිත්‍යා මතවලට හසු වී එන්නත් ලබා නොදී දරුවන් අනතුරේ හෙළන්න එපා

Female doctor giving covid-19 vaccine to a boy

ලෝකයේ මෙන් ම මෙරට ද සිටින විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනාගේ නිර්දේශය මත දරුවන්ට මෙම එන්නත ලබා දීමට කටයුතු කර ඇති බැවින් පැකිළීමකින් තොරව දරුවන් එන්නත්කරණය සඳහා යොමු කරන මෙන් දෙමාපියන්ගෙන් ,විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීමක් කර ඇත.

එන්නත්කරණය පිළිබඳව විශේෂඥයන් නොවන පිරිස් විසින් කරනු ලබන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී තම දරුවාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සඳහා සිදුකළ යුතු දේ බියකින් තොරව නිසි අවබෝධයකින් යුක්තව සිදුකරන ලෙසයි විශේෂඥ වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද “දරුවන් එන්නත්කරණය” යන තේමාව යටතේ අද (23) පෙරවරුවේ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් දැක්වීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන් ම විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කළේ දරුවන් එන්නත්කරණය ඉතා සංවේදී කරුණක් බැවින් එහිදී වෛද්‍යවරුන් සේම මාධ්‍ය ද වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,

Exit mobile version