අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සඳහන් කරන්නේ පාස්කු ඉරුදින සිදුකරන ලද ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තියක් බලාපොරොත්තුවන්නේ කිසිවෙකුගෙන් ලැබෙන ත්‍යාගයක් ලෙසින් නොව තම ජනතාව සතු අයිතිවාසිකමක් ලෙසින් බවයි.
ඊයේ (30) දිනයේ දී කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නව මීසම් ගෘහය විවෘත කිරීම අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එම උත්සවයට සහභාගී වෙමින් අදහස් දැක්වූ කාදිනල් හිමියන් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරයෙන් නිරපරාදෙ මිනිසුන් මරා දැමීමට හේතු වූ කරුණු මොනවාදැයි දැනගැනීමේ අයිතියක් එම ජනතාවට ඇති බවයි.
එමෙන් ම මේ පිළිබඳව සත්‍ය හෙළිදරව් කරන ලෙස මෙරට නායකයන්ගෙන් කාරුණික ලෙස ඉල්ලීම් කරමින් උන්වහන්සේ සඳහන් කළේ විශාල මිල මුදල්, ගොඩනැගිලි ඉදිකිරීම් ඒ කිසිවක් අවශ්‍ය නොමැති බවත් යුක්තියම පමණක් අවශ්‍ය බවත් ය.