මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක්.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කරන ලද වැටලීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ දී එම සීනි තොගය පිටකොටුවේ සිට කල්මුනේ දක්වා ප්‍රවාහනය කිරීමට සූදානමින් තිබී ඇති අතර එහිදී සීනි ගෝනි 200ක් පමණ සොයාගෙන ඇත.

වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එම සීනි තොගය කල්මුණේ දක්වා ප්‍රවාහණය කිරීමෙන් අනතුරුව අලෙවිය සඳහා ද සැලසුම් කර තිබූ බවයි.

Exit mobile version