ඊයේ (31) දිනයේ පැවති ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්රජන් නැවත සොයාගැනීම දේශගුණික විපර්යාස ,සෞඛ්‍ය ,ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය,” යන තේමාව යටතේ ශ්‍රී ලංකාව විසින් විශේෂ සම්මන්ත්‍රණයක් සංවිධානය කර ඇත.
එම සම්මන්ත්රනය අමතමින් ජනාධිපතිතුමා අවධාරණය කළේ ස්වභාව ධර්මයට එරෙහි නොවන නව කෘෂිකර්ම විප්ලවයක් අවශ්‍ය කරන බවත් , මිනිසුන් වන අප ස්වභාවදහමට එරෙහිව ක්‍රියාකරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බවත් ය.
එමෙන් ම සිය රජයේ ප්‍රතිපත්තිය තිරසර සංවර්ධනය බව සඳහන් කළ ජනපති, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාශයන්ගෙන් ඒ පිළිබඳව මනාව පිළිඹිබු වන බව ද සඳහන් කර ඇත.
ගොවිජනතාව අතර බහුල වශයෙන් පවතින නිධන්ගත වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුව බහුල වශයෙන් මෙම රසායනික පොහොර භාවිතා කිරීම බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
මෙවැනි තත්ත්වයන් ඉදිරියේ දී හෝ පාලනය කිරීම උදෙසා රසායනික පොහොර ආනයනය අවම කිරීම , කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගනු ලැබූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි දී සඳහන් කර ඇත.
මෙම ක්‍රියාවලිය ඇතැමුන් පුළුල් වශයෙන් ඇගයීමට ලක්කළා මෙන් ම ඇතැම් පාර්ශවයන්ගෙන් විවේචන ,විරෝධතා ද එල්ල වී ඇති බව ද ජනාධිපතිතුමන් සඳහන් කළේය.
මෙලෙස විවේචනා සහ විරෝධතාවයන් සඳහා යොමුව ඇති බහුතරය රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම් සහ අස්වැන්න වැඩිකර ගැනීමේ පහසු මාධ්‍යක් ලෙස පොහොර අධික ලෙස භාවිත කරන ගොවීන් වන අතර මෙය ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික උරුමය සලකා බැලීමේ දී මහත් ඛේදනීය තත්ත්වයක් බවයි ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.