මිනී මැරුවේ කොටි සංවිධානය. අපේ හමුදාව මිනී මැරුවේ නෑ. – ඩීමන් ආනන්දගෙන් පැමිණිල්ලක්.

මහනුවර මැණික්හින්නේ පදිංචි ඩීමන් ආනන්ද මහතා කලක් LTTE අත් අඩංගුවේ සිටි සිවිල් පුරවැසියෙකි. හමුදා ඔත්තුකරුවෙකු ලෙස සලකා LTTE අත් අඩංගුවේ සිටි ඩීමන් ආනන්ද මහතා බේරා ගනු ලැබුයේ රතුකුරුස සංවිධානයේ මැදිහත්වීමෙනි. තිස්වසරක යුද්දයේදී සිංහල හමුදාව මිනිසුන් ඝාතනය නොකල බවත් , සමූල ඝාතනයන් කලේ LTTE සංවිධානය බවත් ප්‍රකාශ කල ඒ මහතා තමන්ටද ජිනීවා මානව හිමිකම් කොමිෂමේ සාක්ෂි ලබා දීමට අවස්තාව ලබා දෙන ඉල්ලා පසු ගිය දිනක කොළඹ , තුම්මුල්ලේ පිහිටි එකෂත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක යෙදිනි.

එම විරෝධතාවෙන් පසු එක්ෂත් ජාතීන්ගේ කාර්යාලය වෙත පැමිණිල්ල බාර දීමෙන්  අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක්ද ලබා දුන් අතර මහනුවර ශ්‍රී දළදා මාලිඟාවේ ගිහි බාරකරුවන් විසින් සිදු කරන ලද යම් යම් අපරාද ද එම පැමිණිල්ල  තුල අඩංගු බව සදහන් වේ.

LTTE සංවිධානය වෙත සෘජුවම  චෝධනා ඉදිරිපත් කර ඇති අතර LTTE ත්‍රස්තවාදීන් විසින් මරා දමන ලද හමුදා නිලදාරීන් සහ භටයන්ගේ ජයාරූප එකතුවක්ද ඔහු ලග තිබෙන අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන ගිහි බාරකරුවන්ගෙන් තමන්ට තර්ජන තිබෙන බවද සදහන්  කල අතර ඔවුන් විසින් සිදු කරන අපරාධ ගණනාවක්ද මෙම පැමිණිල්ල තුල අඩංගුව තිබේ.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය පැහැර හැරීමෙන් සිදුව ඇති මිනි මැරුම් කිහිපයක් පිලිබඳවද එලි දරව් කල අතර එම මියයාම් පිලිබඳව නීතිය ක්‍රියාත්මක නොවුණු බවද, තමන්ද මරා දැමීමට ඔවුන් සැලසුම් කල බවද සදහන් කරන ලදී.

Exit mobile version