මියගිය දැරිය ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තරුණයින් දෙදෙනා පළා ගොස්.

වයස අවුරුදු 15ක් වන දැරියක ගම්පහ රෝහල වෙත ඇතුලත් කළ තරුණයින් දෙදෙනා ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පලා ගොස්.

අදාළ තරුණයින් දෙදෙනා විසින් මෝටර් රථයකින් දැරියව රෝහලට රැගෙනවිත් ඇති අතර එම අවස්ථාවේදී දැරිය සිහිසුන්ව සිටි බැවින් වහාම ඇයව හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර ඇත.

එහිදී ඇයව පරීක්ෂා කරන ලද වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ දැරිය ඒ වන විටත් දැරිය මියගොස් ඇති බවයි.

ඉන් අනතුරුව මෙම තරුණයින් දෙදෙනා ඉතා සූක්ෂම ලෙස රෝහලෙන් පලාගොස් ඇති බව රෝහල් පොලිසිය සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට අදාළ දැරියව රැගෙන ආ මෝටර් රථය සහ දැරිය රැගෙන ආ තරුණයින් දෙදෙනා හඳුනා ගැනීම සඳහා රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය පොලිසිය විසින් පරීක්ෂා කරන බව ද රෝහල් පොලිසිය වාර්තා කරයි.

මෙම දැරියගේ අනන්‍යතාවය පිළිබඳව කිසිදු තොරතුරක් මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන බව පොලිසිය සඳහන් කළේය.

Exit mobile version