හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මියගිය මව අවසන් වරට දැක ගැනීමට එම දියණියට සෞඛ්‍ය අංශ විසින් අවස්ථාව ලබා දී ඇත.
එම දියණිය ඒ වන විට කොවිඩ් ආසාදනය වී නිරෝධායනයවෙමින් සිටි අතර ඇය බණ්ඩාරවෙල ඕබඩඇල්ල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියකි.
ඇයට කොවිඩ් ආසාදනය වී ඇත්තේ සිය ඥාති නිවසක ගොස් සිටින අතරතුර වන අතර පසුව ඇය එම නිවසේම නිරෝධායනය වෙමින් සිටින අතර තුරදී ඇයගේ මව වෙනත් රෝගාබාධයකින් මෙලෙස හදිසියේ මියගොස් ඇත.
ඒ අනුව ඇයට මෙම සංවේදී අවස්ථාවට ඉඩ සලසා දීමට එම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ කටයුතු සිදුකර ඇත.