මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයෙන් ලාංකිකයින් පිරිසක් මුදා ගනී.

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ කලාපයේ රදවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගත් බවට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර පවසයි.

එම කලාපයේ රදවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 56 දෙනාගෙන් 08 දෙනෙකු මියන්මාර ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් අද පෙරවරුවේ මුදාගෙන තිබේ.

එම පිරිස මේ වනවිට මියාවඩි පොලිස් භාරයේ ආරක්ෂිතව රඳවා ඇති බව වාර්තා වෙයි.

අනෙකුත් පිරිස මුදා ගැනීම සදහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද මියන්මාර ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version