මියන්මාර නායිකා අවුන් සාන් සුකී මේ වන විට බලයෙන් පහ කර ඇති අතර ඇයට සිරදඬුවම් නියම කිරීමට ද එරට විශේෂ අධිකරණය නියෝගකර ඇත.
ඇයට විරුද්ධව මේ දින වලදී නඩු කිහිපයක්ම විභාග වන අතර මෙලෙස සිර දඬුවම නියම වී ඇත්තේ ද එම නඩුවල පළමු නඩු තීන්දුවක් ලෙසය.
මෙමගින් ඇයට වසර 04ක සිර දඬුවමක් නියම වී ඇති අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඇයගේ සෙසු නඩු, විභාග කිරීමෙන් අනතුරුව ඇයව ජීවිතාන්තය තෙක් බන්ධනාගාර ගත කිරීමට පවා ඉඩ ඇති බවයි.
ඇයව වැරදි කරු වශයෙන් අධිකරණයවිසින් දඬුවම් ලබා දී ඇත්තේ “විරෝධය පෑම සහ කොවිඩ් නීති කැඩීම” යන චෝදනාවන් සම්බන්ධයෙන් වන අතර ඇයට එරෙහිව චෝදනා 11ක් ගොනු කර ඇති අතර ඇය මෙම චෝදනා සියල්ල ප්රතික්ෂේපකර ඇත.
පසුගිය පෙබරවාරි මාසයේ දී හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ 76 හැවිරිදි අවුන් සාන් සුකී සිය බලයෙන් පහ කර ඇත.
ඉන් පෙර පැවති මහ මැතිවරණයේදී දූෂණ චෝදනා එල්ලකරමින්, හමුදාව එරට රජය පෙරලා දමා බලය ඩැහැගෙන ඇත.