මිරිස් කුඩු ගසා මුදල් කොල්ල කෑ පුද්ගලයන් අත්අඩංගුවට .

අතුරුගිරිය ප්‍රදේශයේ කුකුළු මස් ව්‍යාපාරිකයෙකුට මිරිස් කුඩු ගසා මුදල් කොල්ල කෑ සැකකාරියන් දෙදෙනෙකු සහ සැකකරුවෙකු අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ව්‍යාපාරිකයාගේ ලොරි රථයේ රියදුරු ලෙස අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකරුගේ බිරිඳ ද සිටින බවට තහවුරු වී තිබේ.

ලොරි රථයේ ගමන් කරමින් සිටින අතරතුර ශාරිරික අවශ්‍යතාවයක් ඉටු කරගැනීමට බව පවසමින් ලොරි රථය නවත්වා මෙලෙස මිරිස් කුඩු ගසා මුදල් කොල්ල කා ඇති බව සදහන්.

පොලිස් විමර්ශණයේදී සැකකරුවන් විසින් කොල්ල කෑ රුපියල් 186,500ක මුදලක් සොයාගත් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version