මිරිස් සැර වැඩි වෙයි

හැටන් ආශ්‍රිත ප්‍රදේශයේ අමු මිරිස් ඇතුළු එළවළු මිල ඉහළ යාම සමග ජනතාව අපහසුතාවයට පත්ව ඇත.

මේ වන විට මේ ප්‍රදේශයේ අමු මිරිස් කිලෝව රුපියල් 1200-1400 ත් දක්වාද නයි මිරිස් කිලෝව රුපියල් 1800-2000 ත් දක්වාද ඉහළ ගොස් ඇත.

මේ පිලිබදව එළවළු වෙළදුන්ගෙන් කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ අමු මිරිස් නයි මිරිස් ඇතුළු එළවළු තොග ශීඝ්‍රයෙන් ඉහළ යාමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

මිරිස් මිල ඉහළ යාමත් සමග ලපටි මිරිස් තොග වෙළදපොළට පැමිණෙන බවත් එම නිසා පාරිභෝගිකයින් මෙන්ම තමන්ද දැඩි අපහසුතාවයට පත්වන බවත් වෙළදුන් මැසිවිලි නගයි.

එමෙන්ම නත්තල ළං වන විට එළවළු මිල තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බවද වෙළදුන් වැඩි දුරටත් සදහන් කරයි.

Exit mobile version