මිරිහාන ජුබිලි මාවත ප්රදේශයේ නිවසක් තුළ සැකසහිත ලෙස මියගිය යුවළකගේ සිරුරු හමුවූ බවට පොලීසිය පවසයි.
පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක ඇඳක් මත දින කිහිපයකට පෙර මියගිය පිරිමි මළසිරුර හමුවී තිබේ.
නිවසේ මුළුතැන්ගෙයි බිම නිරුවත් කාන්තා මළසිරුරක් ද තිබූ බවට පොලීසිය වැඩිදුරටත් පවසා තිබේ.
දින කිහිපයක් තිස්සේ එම නිවස පරිශ්රයෙන් දැඩි දුගදක් හමන බවට අසල්වැසියෙකු මිරිහාන පොලීසියට කළ දැනුම්දීමකට අනුව මෙම නිවස පරීක්ෂා කර තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 96 හැවිරිදි කාන්තාවකි.
ඔවුන් එම නිවසේ පදිංචිව සිටි අඹු සැමි යුවළක් බවට පොලීසිය පවසා තිබේ.