මිරිහාන පොලිසිය අසරණයෙකු අසරණ කරයි.

2018.09.03 වන දින අංක SCIB (3) 296/14 යටතේ  මිරිහාන පොලිසියේ වංචා විමර්ෂණ අංශය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මේ වන තෙක්ම නිසි ලෙස විභාග කර නැති බව සදහන් කරමින් මිරිහාන පොලිසියේ වංචා විමර්ෂණ අංශයේ නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ . කූට ලේඛණ සකසමින් තමන්ට හිමි තමා ගොවිතැන් කරන ලද ඉඩම විකිණීම පිලිබදව ඉදිරිපත් කර තිබෙන මෙහි පැමිණිලි කරු වන්නේ අංක 644 , 6 වෙනි පටුමග, තුන්අඳහේන, කොරතොට, කඩුවෙල පදිංචි කේ.ජේ.කේ.අල්විස් යන අයයි.

එම පැමිණිල්ලට අනුව ඔහුට අයත් ඉඩමෙන්  අක්කර 3.5 ක ප්‍රමාණයක් කූට ලේඛණ සකසා කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අංක 410/92/A ලිපිනයේ පදිංචි බටපොල හේවගේ ලක්සිරිද නිස්සංක ද සිල්වා යන විසින් බලහත්කාරයෙන් අයිතිකරගෙන එම ඉඩම පන්නිපිටිය පාර බත්තරමුල්ල ලිපිනයේ හෝම් ලෑන්ඩ් ආයතනයට විකුණා තිබේ. එම ආයතනය විසින් ඔහුගේ සියලු වගාවන් සහිත ඉඩම JCB යන්ත්‍ර යොදා විනාශ කර ඉදිකිරීම් කරන බව මුල් පැමිණිල්ල තුල සදහන් බව පැවසෙන අතර මේ වන විට එහි ඉදිකිරීම් 6 ක් පමණ සිදු කරන තිබෙන බවද සදහන් වේ. මෙම පැමිණිල්ලට අදාල තොරතුරු B/19367/18 ලෙස එම අවුරුද්දේම මහේස්ත්‍රාත් අධිකරණය කඩුවෙල වෙත වාර්තා කර තිබුනද සැකකාර නීතීඥවරයාගෙන් හෝ කූට ලේඛණ සකසා තිබෙන බවට චෝදනා එල්ලවන පුද්ගලයාගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නැති බවද කියා වේ. එසේම අවුරුදු 2 ½ ක් යනතෙක්ම ඔහුගෙන් ලබා ගත්  ලියවිලිද රජයේ රස පරීක්ෂක වෙත් යවා නැති බවද සදහන් වේ.

මෙම සිද්දිය සදහා වගකිව යුතු නිලධාරීන් ලෙස ප්‍රසාද් සහ දිසානායක ලෙස නම් කර ඇති අතර 077 6053528 සහ 0778436800 ලෙස සදහන් වේ. එසේම එම නිලධාරීන් මෙම පැමිණිලිකරුගෙන් විවිධ අයුරින් අත්සන්ද ලබාගෙන තිබෙන බවද සදහන් වේ. ඒවා ලබා ගන්නේ රජයේ රස පරීක්ෂක වෙත යැවීමට බව ප්‍රකාශ කල බවද සදහන් වේ. 2018.09.16 වන දින අත්සන් ලබා ගත්තද ඒවා රජයේ රස පරීක්ෂක වෙත යවා නැති බවද කිය වේ.  

මෙම පැමිණිලිකරුගේ එකම ජීවනෝපාය මාර්ගය මෙම ඉඩම් වල ගොවිතැන් කර ලබා ගත් අදායම බවද සදහන් වන අතර කඩුවෙල මහ්ස්ත්‍රාත්, පොලිස්පති සහ මිරිහාන වංචා විමර්ෂණ ඒකකය අයත් ජේෂ්ඨ පොලිස් අධිකාරී වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත්  කර තිබේ. 2021 – 07- 30 ඉදිරිපත් කර තිබෙන මෙම පැමිණිල්ල ලැබුණු බව සදහන් ලිපියක්  පිළිතුරු ලෙසවත් නොලැබුණු බවද ඔහු පවසයි.

පොලිස්පති තුමනි,  SCIB (3) 296/14 දරන පැමිණිල්ලේ  සත්‍ය හෝ අසත්‍ය සොයා බැලීම එම නිලධාරීන්ගේ  වගකීමයි. ඔවුන් රාජකාරිය නිසි ලෙස සිදු කර තිබේද ?, නැද්ද? යන්න සොයා බලා ඔවුන්ට දඩුවම් පැමිණවීමේ නිසි බලධාරියා ඔබතුමා බැවින් මේ පිලිබදව සොයා බලා නිසි කටයුතු සිදු කරන තෙක් අපද බලා සිටිමු.

සංස්කාරක සටහන.

පොලිස් නිලධාරීන් සැබවින්ම මෙම කටයුත්ත සිදුකර නැතිනම් ආයතන මට්ටමෙන් ඔවුන්ට විරුද්ධව කටයුතු කල යුතුය. එපමණක්ද  නොවේ නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන්ගේ මෙවැනි අකටයුතුකම්  නිසා  ශ්‍රී ලාංකික ප්‍රජාව දැඩි පිළිකුලෙන් පොලිස් නිලධාරීන් දෙස බැලීම සිදුවෙයි. අධිකරණය දෙසද අප්‍රසාදයෙන් බැලීම සිදුවන අතර , විවිධ කරුණු ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරුන්ද නොමග යවන පොලිස් නිලධාරීන් ඕනා තරම් අප දැක තිබේ. එවැනි සුවිශේෂී නඩුවක් පිලිබදව විස්තර අප ඉදිරියේදී අනාවරණය කිරීමට කටයුතු කරමින් සිටි.

පොලිසියට දැඩි අපකීර්තියක් සිදුවන්නට මෙවැනි කාරනාද දැඩි  ලෙස බලපාන අතර හොරට ඔප්පු සකසා තිබේ නම් නීතීඥවරයාටද විරුද්ධවද නීතිමය කටයුතු සිදු විය යුතුය. එසේ නොකළහොත් හෙට උපදින දරුවන් සදහා ම්ලේච්ඡ දේශයක් උරුම වනු ඇත. එසේම රාජකාරිය පැහැර හැරීමට එරෙහිව  ප්‍රධාන වශයෙන්ම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 112, 162,216,214,215,330,සහ 338 වන වගන්ති ප්‍රධාන කොටගෙන තවත් වගන්ති කිහිපයකින් මෙම නිලධාරීනට විරුද්ධව නඩු පැවරීමද පොලිසිය විසින්ම කල යුතුය.  ඊට අමතරව පොලිස් නීති සංග්‍රහ යටතේද කටයුතු කල හැකිය. එසේ නොමැතිව කිසිදා වැරදි නොකරන නිලධාරීන්ගෙන් ගහන මහජන මිත්‍රශීලී පොලිසියක් බිහිකර ගැනීමට කිසිම පොලිස්පතිවරයෙකුට හැකි නොවනු ඇත.  

Exit mobile version