පසුගිය සමයේ ඉතා විශාල වශයෙන් වානේ කම්බි ටොන් එකක මිල ඉහළ ගිය අතර මේ වන විට වානේ කම්බි ටොන් එකක මිල රුපියල් ලක්ෂයකින් පමණ පහත වැටී තිබේ.
එමෙන්ම වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය මාසයේ රුපියල් 575,000කට පමණ අලෙවි වූ වානේ කම්බි ටොන් එකක මිල මේ වනවිට රුපියල් 475,000 දක්වා පහත වැටී තිබේ.
ඒ අනුව පසුගිය මාසයේ රුපියල් 2000 කට අලෙවි වූ මි.මී.10 කම්බියක් මේ වනවිට රුපියල් 1,635 කටත් ,රුපියල් 2,700 කට අලෙවි වූ මි.මී.12 වානේ කම්බියක් රුපියල් 2,395 කටත්, මි.මී.16 වානේ කම්බියක් රුපියල් 4,325 කටත් වෙළඳපොළ තුළ අලෙවි වේ.
මේ අතර පසුගිය කාලයේ විශාල වශයෙන් මිල ඉහල ගිය සහ හිඟයක්ව පැවති සිමෙන්ති කොට්ටයක් මේ වන විට වෙළඳපොළ තුළ රුපියල් 2,975 ක මිලකට අලෙවි වේ.
කෙසේ වෙතත් පසුගිය කාලය තුළ වානේ කම්බි ,සිමෙන්ති වැනි ඉදිකිරීම් ද්‍රව්‍ය වල මිල ඉහළ යාම නිසා ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියාවල නියුතු පුද්ගලයින්ට සිය රැකියා පවා අහිමි විය. එබැවින් මෙලෙස වානේ කම්බිවල මිල පහත දැමීම නිසා ඉදිකිරීම් ක්ෂේත්රයේ නියුතු ජනතාවට මෙය සුභදායි ආරංචියක් වනු ඇත. නමුත් අනෙකුත් පාරිභෝගික භාණ්ඩ මිල පහත නොබසින්නේ නම් ඉදිකිරීම් ක්ෂේත්රය තව දුරටත් වැටෙනු ඇත.