ලාභ ලබමින් පැවති මිල්කෝ සමාගම වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා යටතේ පාඩු ලබන සමාගමක් බවට පත්වී ඇති බව මිල්කෝ ශ්රී ලංකා නිදහස් සේවක සංගමය පවසා තිබේ.
එහි සභාපති සුමිත් අත්තනායක මහතා සඳහන් කළේ 2019, 2020 සහ 2021 වසරවල ලාභ ලැබූ එම ආයතනය මේ වනවිට ණය මත ක්රියාත්මක වන තත්ත්වයකට පත්වී ඇති බවයි.
වාර්තා වන ආකාරයට මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්රමසිංහ මහතා ඉවත් කර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා එම තනතුරට පත්කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීය.