ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මිලිටරි පාලනයකට තමන් කිසිසේත් සූදානමක් නොමැති බවයි.
එමෙන් ම ජනපති සඳහන් කරන්නේ ඔහු මේ වන විට ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරණයේ දී ජනතාව වෙත ලබා දුන් පොරොන්දු සහ සිය ප්‍රතිපත්ති වන බැවින් පැමිණෙන සියලු බාධක හමුවේ එක් කර්තව්‍යයක් ඉටු කිරිමට තමන්ට සහය දක්වන ලෙසටයි.
අද (06) දිනයේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” යන ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩ නිම කරන ලද මාර්ග 1500ක් එකම දිනයේ විවෘත කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් මෙම අදහස් දක්වා ඇත.