යුරෝපියානු කලාපයේ පිහිටි විශාලතම න්‍යෂ්ටික බලාගාරය පිහිටා ඇත්තේ යුක්රේනයේ සාපෝරීෂා (Zaporizhzhia) ප්‍රදේශයේ.
මෙම ප්‍රදේශය ආක්‍රමණය කිරීම සඳහා රුසියානු හමුදාවන් ප්රහාරයන් දියත් කරමින් සිටින්නේ යුරෝපයම මෙන්ම සමස්ත ලෝකයම අවාදනමක දමමින්.
මේ වන විට රුසියානු හමුදාවන්ගේ ප්රහාරයන් හමුවේ බලාගාරයේ ගොඩනැගිලි සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති බවට එම ප්‍රදේශයේ නගරාධිපතිවරයා පවසා තිබෙනවා.
රුසියාව මේ වන විට එම ප්‍රදේශයට ෂෙල් වෙඩි ප්රහාරයන් එල්ල කරමින් සිටින බවත්, සන්නාහ සන්නද්ධ රථවලින් පැමිණ බලාගාරය සහිත ප්‍රදේශය යටත් කරගැනීමට උත්සාහ කරන බවත් වාර්තා වෙනවා.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය පවසන්නේ තම ආයතනය විසින් මෙම පවතින දුෂ්කරතා මධ්‍යයේ වූවද න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා යුක්රේනයට අවශ්‍ය සියලු සහායන් ලබාදෙන බවයි.
බලාගාරයේ සිටින ප්‍රකාශකයෙකු රුසියාවෙන් ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ බර අවි යොදාගෙන කරනු ලබන ප්රහාරයන් වහාම නවත්වන ලෙසයි.
ඇසෝසියේට් ප්‍රෙස් මාධ්‍යවේදියෙකු විසින් ද න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධව යුක්රේනයේ සිට වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ඔහුද පවසා තිබුණේ බලාගාරය මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.
බලාගාරයේ මේ වන විට ඇතිව තිබෙන ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවෙන භටයන්ට එහි යාමට නොහැකි තත්ත්වයක් ඇති බවද ඔහු පවසා තිබුණා.
බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක මේ වන විට ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති වූවත් න්‍යෂ්ටික අපද්‍රව්‍ය බොහෝමයක් එම ස්ථානයේ ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මෙම බලාගාරය යුක්රේනයේ බලශක්තියෙන් 25%ක් සපයනු ලබන අතර මෙය හැරුණු කොට තවත් බලාගාරයන් 4ක් යුක්රේනය සතු වෙනවා.