මිහින්තලාවෙන් ජාතිවාදී සහ ආගම්වාදී පක්ෂයක්. (වීඩියෝ)

අනුබුදු මිහිදු නාහිමි ශ්‍රී ලංකාවට බෞද්ධ ධර්මය රැගෙන වැඩියේ මිහින්තලාවටය. එය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩකි. එම ස්ථානය මේ වන විට දේශපාලනික පොරපිටියක් වී තිබේ. එසේම එම පුජනීය ස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දි තිබු රාජ්‍ය අනුග්‍රහය ලබා දීම නවතා තිබේ. විවිධ කටයුතු හේතුවෙන් එම පුජනීය ස්ථානය මේ වන විට දේශපාලනීකරණය වීම බෞද්ධයන් ලබන ජයග්‍රහණයක් නොවේ. එය රටක් ලෙස සියල්ලෝම ලබන පරාජයකි.

සිවිල් සංවිධාන ගණනාවකින් සැදුම්ලත් දේශපාලන කලඑළි මංගල්‍යයක් පසුගියදා එහිදී දක්නට ලැබිණි. එහිදී ඔවුන්ගේ මුවින් වුයේ ආගමික, ජාතික හැගීම් වුවත්, ඔවුන් ගෙන එන දේශපාලන නායකයන් කවුද යන්න ප්‍රකාශ නොවීය. නමුත් ඔවුන්ගේ වදන්වලින් පිට වුයේ ජාතික සහ ආගමික බෙදීමක් සහිත නායකයන් ඔවුන් විසින් කරලියට ගෙන එන බවයි.

ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දුන්නේ රුවන්වැලි මහා සෑ මලුවේදීය. එහිදී ඔහු ජාතිය අමතමින් කල මංගල කතාවේදී ද ජාතිවාදී නායකයෙකුගේ ප්‍රකාශයක් කළේය. එය බොදු බැතිමතුන්ගේ අද්විතීයම, පුජනීය ස්ථානයක් වන අතර බෞද්ධ දේශනාව තුල ජාති, ආගම් කුල බේද නැත.

එබැවින් ආගමික ස්ථානයක් ජාතිවාදී, ආගම්වාදී දෙස්පාලාන් පොරපිටියක් කරගැනීමට සුදානම්වීමම ශ්‍රී ලංකාවේ තවත් විනාශයක ආරම්භයකට මග පාදති. එවැනි භික්ෂුන් පිළිබඳව අප මීට පෙරද වාර්තා කර තිබේ.   

ආගමික ජාතිකවාදය නොහොත් ආගමික හා ජාතික අනන්‍යතා සමග ඉලක්ක ඒකාබද්ධ කිරීම ජාතිකවාදයේ වඩ වඩාත් කැපී පෙනෙන අංගයකි. ලෞකික ජාතිකවාදය හුදෙක් ආගමික අනන්‍යතා සහ පක්ෂපාතීත්වය ප්‍රතිස්ථාපනය කරනවා වෙනුවට, ආගමික සහ ජාතික අනන්‍යතා තුලින් සහජීවනය සහ එකිනෙකා අතර ශක්තිමත් බවක් ඇති කරයි. එවැනි ආගමික ජාතිකවාදය ජනප්‍රිය ආගම්වාදය සහ ආකල්ප යටපත් කිරීමේ ප්‍රබල බලවේගයක් බවට පත් වේ.  පුළුල් පරාසයක ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමට ආගමික සංවිධාන බල ගන්වන අතර  අන්තර් සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ රටාවන් හැඩගස්වයි. එබැවින් එය භයානක ප්‍රතිවිපාක ඇතිකිරීමට සමත් වේ.

Exit mobile version